February, 15, 2016
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින්, බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්වයිඩ් පීඑල්සී වෙත විශේෂ අරමුණ සහිත විගණකවරයෙකු පත්කර ඇත.
සමාගමේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි කිහිපයක් සැලකිල්ලට ගනිමින් සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් මෙම පියවර ගෙන තිබේ.
2015 සැප්තැම්බර් කාර්තුව වෙනුවෙන් ප්‍රකාශයට පත්කරන ලද මූල්‍ය ප්‍රතිඵල කොටස්කරුවන් නොමඟ යවන සුළු ඒවා බවට පැමිණිලි ලැබීම, පසුගිය වසරේ දී සිදුකරන ලද හිමිකම් නිකුතුව හරහා සම්පාදනය කරගන්නා ලද අරමුදල් භාවිතය සම්බන්ධයෙන් නිසි අනාවරණයක් නොමැති වීම හා සම්බන්ධිත පාර්ශව අතර සිදුවූ ගනුදෙනු පිළිබඳ නිසි අනාවරණයන් සිදුනොකිරීම, මෙයාකාරයෙන් විශේෂ විගණකවරයෙකු පත්කිරීමට හේතු වී තිබේ.
අර්නස්ට් ඇන්ඩ් යංග් සමාගම වෙත බ්ලූ ඩයමන්ඩ් හි සිදුවූ අදාළ කරුණු පිළිබඳ විගණනය කිරීමේ කටයුත්ත පැවරී ඇත.
Video Story