February, 15, 2016
විදේශවල සිට ලැබෙන මුදල් මෙරට බැංකු ගිණුම්වල තැන්පත් කිරීම් සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ නව නීතිරීති හඳුන්වාදීමක් සිදුකර නැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
විදේශයක සිට රුපියල් ලක්ෂ 2 කට වැඩි මුදලක් ලැබීමේ දී ඒ සඳහා මුදල් උපයා ගත් මූලාශ්‍ර අනාවරණය කළ යුතු බව සතිඅන්ත පුවත්පතක සඳහන් වී තිබීම අසත්‍ය ප්‍රවෘත්තියක් බවත් ඒ ආකාරයෙන් කිසිදු නීතියක් පනවා නොමැති බවත් මුදල් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම අවස්ථාවේ දී මාධ්‍ය හමුවට එක්වූ මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ එච්.අමරතුංග මහතා මෙසේ කියා සිටියේය. “මෙරට බැංකුවල මුදල් තැන්පත් කිරීමේ දී හෙළි කළ යුතු සාමාන්‍ය තොරතුරුවලට අමතරව කිසිදු නව නීති රෙගුලාසි හඳුන්වාදීමක් සිදු කර නැහැ. එසේ ම ඊට අදාළ කිසිදු ගැසට් නිවේදනයක් නිකුත් කරලත් නැහැ.“
Video Story