February, 15, 2016
කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ ගැඹුරු දියේ දෙවන පර්යන්තය වන නැඟෙනහිර බහළු පර්යන්තය සංවර්ධනය සඳහා පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිමිකම යටතේ මෙම පර්යන්තයේ මෙහෙයුම් කටයුතු කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට 51%ක හිමිකමක් සහිතව නැව් සමාගමක් හෝ පුද්ගලික පර්යන්ත මෙහෙයුම්කරුවෙකු සමඟ හවුල් ව්‍යාපාරයක් වශයෙන් පර්යන්ත මෙහෙයුම් කටයුතු ඇරැඹීමට සැලසුම් කරනු ලැබ තිබේ.
මෙම ව්‍යාපෘතිය හැසිරවීමේ උපදේශක (Transaction Advisor) ලෙස ආසියානු සංවර්ධන බැංකුව පත් කිරීමටත්, ව්‍යාපෘතිය සඳහා උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන් අභිප්‍රාය දක්වන යෝජනා හා ව්‍යාපාරික යෝජනා කැඳවීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
Video Story