February, 16, 2016
ගූගල් ලූන් ව්‍යාපෘතියේ අත්හදා බැලීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බව වාර්තා වේ. මේ අනුව ගූගල් ලූන් පළමු බැලුනය ශ්‍රී ලංකා ගුවන් කලාපයට ඊයේ උදෑසන පිවිසුණු බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධානී මුහුන්තන් කැනගේ මහතා විසින් බීබීසී පුවත් සේවයට පවසා තිබේ.
ගූගල් ලූන් ව්‍යාපෘතිය තුළින් කුලුනු රහිතව සංඥාවන් සහිත ගුවනේ සැරිසරනා බැලුන් ආධාරයේන අධිවේගී අන්තර්ජාල සේවාවන් සැපයීම සිදුකරනු ලබයි.
ශ්‍රී ලංකා රජය හා ගූගල් සමාගම අතර පසුගිය වසරේ ගිවිසුමකට එළඹුණු අතර එහිදී ගූගල් සමාගමේ ගූගල් ලූන් ව්‍යාපෘතිය මගින් අන්තර්ජාල සේවාවන් සපයන පළමු රට බවට ශ්‍රී ලංකාව පත්විය.
Video Story