February, 16, 2016
GITAM School of International Business (GSIB) හි සිසුන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිනීමට නියමිත බව වාර්තා වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින්, මෙරට ජාත්‍යන්තර වරායන් ගෝලීය තරඟකාරී වෙළෙඳපොළ හා සම්බන්ධ වන ආකාරය අධ්‍යයනය කිරීම මෙම සංචාරයේ මූලික අරමුණ වන බවත් අන්තර්ජාතික ව්‍යාපාරික පරිසරය පිළිබඳව සිසුන්ට අවබෝධයක් ලබාදීමට ද මෙහිදී කටයුතු කරන බවද GSIB අධ්යක්ෂ මහාචාර්ය වී.කේ.කේ. කුමාර් මහතා The Hans India වෙත ප්‍රකාශ කර තිබේ.
මෙම සංචාරය තුළ දී ඔවුන් ලංකා වාණිජ මණ්ඩලයේ සාමාජිකයින් සමග ද හමුවක් සංවිධානය කර තිබේ. එසේම මෙම සංචාරක ශිෂ්‍ය පිරිස කොළඹ විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය හා Hiramani Garmbrits කර්මාන්ත ශාලාවේ දී අධ්‍යයන සාකච්ඡා සඳහා එක්වීමට ද නියමිත බව වාර්තා වේ.
Video Story