ඉ-අධ්‍යාපන ව්‍යාපෘතියකට රජය මුලපුරයි

    February, 16, 2016

    ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් අධ්‍යාපන ව්‍යාපෘතියක් (e - Education Project) ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාවක් චීනයේ ෂිංහුවා විශ්වවිද්‍යාලයට අනුබද්ධිත UNIS ආයතනය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර, විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමිවූ සිසුන්, රැකියා විරහිත තරුණ පිරිස් සහ රැකියාවක නියුතු වුවද පරිගණක සාක්ෂරතාව නොමැති තරුණ පිරිස් සඳහා ප්‍රතිලාභ අත් කර දීමට මෙමඟින් යෝජනා කෙරේ.

    එහිදී කොළඹ නගරය තුළ ස්ථාපිත කෙරෙන ප්‍රධාන මධ්‍යස්ථානයක් සහිතව විද්‍යුත් අධ්‍යාපන මධ්‍යස්ථාන පළාත් නවයේම (09) ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.