යළි පිබිදෙන උතුරුකරයට රන් අරුණලූ රැගෙන එන ඇඟලූම් ක්ෂේත‍්‍රය

    May, 11, 2023

    2009 දී ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වූ පසු, ජනතාව යළි නඟා සිටුවීම සඳහා අවශ්‍ය ආයෝජනයන් සිදු කිරීමේ අපේක්ෂාවෙන් උතුරු පළාතට ඇතුළු වූ පළමු කර්මාන්තවලින් එකක් ලෙස ඇඟලූම් කර්මාන්තය හැඳින්විය හැකියි. දශකයකට පසු, උතුරු ප‍්‍රදේශයේ පුද්ගලයින් 8000 කට අධික සංඛ්‍යාවකට රැකියා අවස්ථා ලබා දෙමින් මහා පරිමාණ මෙහෙයුම් ආරම්භ කළ ප‍්‍රථම ක්ෂේත‍්‍රය වන්නේ ද ඇඟලූම් කර්මාන්තයයි.

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන වෙළෙඳ නගරය වන කොළඹ සිට කිලෝමීටර් 340කට වැඩි දුරකින් පිහිටා ඇති කිලිනොච්චිය සහ වවුනියා යන දිස්ත‍්‍රික්කවල වෙසෙන ජනතාව තිස් අවුරුද්දක් පුරා පැවති සිවිල් යුද්ධයෙන් දැඩි ලෙස පීඩා වින්දහ. පශ්චාත් යුධ කාල සීමාවක සමාජ-ආර්ථික ගැටළු උද්ගත වීම සාමාන්‍ය තත්වයකි. මේ වන විට මෙරට උතුරු ප‍්‍රදේශයද සමාජ-ආර්ථික ගැටළු වලින් මිදී යළි නැඟී සිටීමට වෙර දරමින් සිටියි. ඒ වෙනුවෙන් උතුරුකරයේ අපේම ජනතාවට අත්වැලක් වීම ජාතික අවශ්‍යතාවක්ව තිබේ.

    රටේ සංවර්ධනය සඳහා ක්ෂේත‍්‍රය ඉටු කරනු ලබන කාර්යභාරය හඳුනා ගනිමින්, උතුරු පළාතට පැමිණි සමාගම් හය අතර MAS ක‍්‍රීඩා වානාවිල්, ඔමේගා ලයින් වවුනියාව සහ Hirdaramani Industries වැනි සමාගම් ප‍්‍රධාන වේ. එමගින් එම ප‍්‍රදේශවල ජනතාවට ජීවනෝපායක් සලසා දෙමින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරයි.

    ග‍්‍රාමීය ප‍්‍රදේශවල කර්මාන්ත ස්ථාපිත කිරීම පහසු කාර්යයක් නොවේ. ඒ අනුව කර්මාන්තශාලා විවෘත කිරීමට වසර තුනකට ආසන්න කාලයක් ගත විය. නමුත් ඒ හරහා සමාජයට ඇති වූ සුබවාදී බලපෑම අතිමහත්ය. මෙම කර්මාන්තශාලාවල සේවකයින්ගෙන් 80% කට වඩා සේවය කරන්නේ කාන්තාවන්ය. ඒ අනුව පෙනී යන්නේ මෙම ප‍්‍රදේශවල කර්මාන්ත ස්ථාපිත කිරීම හරහා කාන්තා ශ‍්‍රම බලකාය සවිබල ගැන්වීමට ද හැකි බවයි. ඒ අතුරින් කාන්තාවන් කිහිප දෙනෙකුම විධිමත් ලෙස රැකියාවක් ආරම්භ කළ පළමු අවස්ථාව මෙයයි. කාන්තාවන් නඟා සිටුවීමට සහ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා තව තවත් අවස්ථා නිර්මාණය කිරීමේ අවශ්‍යතාව මෙයින් පෙනී යයි.

    වැඩබිමක් නිර්මාණය කිරීමේදී එහි සේවකයින්ගේ සහ පරිසරයේ යහපැවැත්මට මූලිකත්වය දෙමින් කටයුතු කිරීම තීරණාත්මක සාධකයක් වී ඇත. ඒ සඳහා කර්මාන්තශාලා, තදබදයෙන් යුත් කාර්මික කලාපවලින් ඔබ්බට ගොස් ග‍්‍රාමීය ප‍්‍රදේශවල ස්ථාපිත කිරීම කාලෝචිත පියවරකි. තිරසාර මෙහෙයුම් සහ කර්මාන්තය මඟින් සිදුවන කාබන් පිය සටහන අවම කිරීම සඳහා නිෂ්පාදන කම්හල් හරිත කලාප වල පිහිටුවා ඇත. LEED හෝ හරිත ගොඩනැගිලි සහතික කළ කර්මාන්තශාලා නිර්මාණය කිරීම, ජෛව ස්කන්ධ සහ සූර්ය බලශක්තිය වැනි පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් හඳුන්වාදීම ආදියේ සිට සියලූම නිෂ්පාදන හා ක‍්‍රියාවලීන්හි 0% ක් විෂ රහිත වීම සඳහා වගකිවයුතු රසායනික භාවිතය දක්වා වඩාත් තිරසාර ප‍්‍රතිපත්ති අනුගමය කරමින් උතුරේ කර්මාන්තශාලා සහ ඒවායේ මෙහෙයුම් වඩාත් ප‍්‍රශස්ථ අන්දමින් ඉදිරියට ගෙන යනු ලබයි.

    කාන්තාවන් සවිබල ගැන්වීම

    MAS ක‍්‍රීඩා වානවිල් හි දැනට උතුරු පළාතේ පුද්ගලයින් 2000 කට අධික සංඛ්‍යාවක් සේවයේ නිරත වෙයි. 2012 දී එය ආරම්භ කිරීමෙන් පසු, එම ඇගලූම් කර්මාන්තශාලාව බෙල්ජියමේ ප‍්‍රධාන වෙළඳපොළ සඳහා වාර්ෂිකව රෙදි කැබලි මිලියන අටකට වඩා නිෂ්පාදනය කරනු ලබයි. එහි නිෂ්පාදනවලින් 80% කට වඩා වැඩි ප‍්‍රමාණයක් GSP+ යෝජනා ක‍්‍රමය යටතේ අපනයනය කරනු ලබයි.

    MAS 2025 සමාජ තිරසාර උපායමාර්ගය යටතේ, ”කාන්තාවන් සවිබල ගැන්වීමමූලික අවශ්‍යතාවයක් ලෙස පිළිගෙන ඇති අතර, ඒ සඳහා Women Go Beyond (WGB) ඇතුළු වෘත්තීය දියුණුව සහ කුසලතා සංවර්ධනය සහතික කිරීම සඳහා වැඩසටහන් ගණනාවක් හඳුන්වා දෙමින් දැවැන්ත කාර්යභාරයක් ඉටු කර ඇත.

    ‘‘කිලිනොච්චියේ මේ වගේ කර්මාන්තශාලා නොතිබුණා නම් මගේ පවුලේ අයගේ සහ මගේ අනාගතය ගොඩාක් අඳුරු වීමට ඉඩ තිබුණා. මම රැකියාවට සම්බන්ධ වන විට මහන මැෂිමක් ක‍්‍රියාත්මක කරන්නේ කොහොමද කියලාවත් මම දැනගෙන දන්නේ නෑ. අපේ සුපවයිසර්වරුන් මාව ඒ වෙනුවෙන් පුහුණු කළා. කිසිදු ආදායම් මාර්ගයක් නැතිව ජීවත් වුනු අසීරු කාලයක තමයි මම මෙම ආයතනට සම්බන්ධ වුණේ. මෙහේ ඉන්න ගෑණු ළමයි වැඩ කරන හැටි දැක්කම මට වැඩකරන්න ආසාවක් ඇති වුණා. ඒ වගේම මේ රැකියාව නිසා මුදල් අතින් ස්වාධීන වෙන්න පුළුවන්. අද වන විට මම හොඳ වැටුපක් සහිතව සතුටින් ජීවත් වෙනවා.යනුවෙන් MAS ක‍්‍රීඩා හි සේවය කරන ඇඟලූම් සේවිකාවක් පැවසුවාය.

    විදේශ රටවල් සමඟ වන සහයෝගීතාවය සහ ඉගෙනුම් අවස්ථා

    2013 වසරේ වවුනියාවේ දී කර්මාන්තශාලා මෙහෙයුම් ආරම්භ කරන ලද ඔමේගා ලයින් ආයතනය උතුරු පළාත තුළ තවදුරටත් සිය මෙහෙයුම් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරයි. මෙම සමාගම 2600 කට වැඩි පිරිසකට රැකියා ලබා දී ඇති අතර ඉන් 88% කට වඩා වැඩි පිරිසක් කාන්තාවන්ය. මෙම ඇඟලූම් කර්මාන්තශාලාව හරහා GSP+ යෝජනා ක‍්‍රමය යටතේ වාර්ෂිකව රෙදි කැබලි මිලියන 34කට අධික ප‍්‍රමාණයක් නිෂ්පාදනය කරයි.

    Calzedonia යටතේ, ඉතාලියේ පිහිටා ඇති එහි මව් සමාගම වන ඔමේගා ලයින් සිය කණ්ඩායමට ඉතාලියේ වෙරෝනා හි පිහිටි මූලස්ථානයේ පුහුණු අවස්ථාවන් ද ලබා දෙයි. එය තෝරාගත් කර්මාන්තශාලාවල කාර්ය මණ්ඩල සඳහා ලබා දෙන සුවිශේෂී අවස්ථාවකි.

    මව සහ සහෝදරිය සමඟ කර්මාන්තශාලාවට ආසන්නව පදිංචිව සිට තම රැකියාවට පැමිණෙන දිරිය කාන්තාවක් වන දුර්ගාදේවි මහත්මිය මෙම පුහුණු අවස්ථාව වෙනුවෙන් ඉතාලියට යාමට බලාපොරොත්තුවෙන් සිටී. ඇය සිය වෘත්තීයමය අත්දැකීම් මෙලෙස බෙදාහදා ගත්තේ මෙලෙසිනි. තමන් පළමුව විගණකවරියක් ලෙස සම්බන්ධ වුව ද තාක්ෂණික ක්ෂේත‍්‍රයේ ඇයගේ හැකියාව දුටු කළමනාකාරීත්වය ඇයව තාක්ෂණික අංශයට මාරු කළ බව ඇය පවසයි.

    මම පළමු වතාවට කර්මාන්තශාලාවට පැමිණි විට මම හිතා ගත්තා මම හොඳින් වැඩ කරලා මේ රැකියාවෙන් ජීවිතය ජය ගන්නවා කියලා. මට හීනයක් තිබුණා මූලික අවශ්‍යතාවන් ඉටු කරගැනීමට ඇති තරම් මුදල් ඉපැයීමට, අලූත් ඇඳුම් අඳින්න. අද මගේ ඒ සිහින හැබෑවෙලා තියෙනවා. මම තවතවත් කැපවීමෙන් මගේ රාජකාරි කටයුතු කිරීමට වගබලා ගන්නවා. ඒ වගේම ඉතාලිය වැනි රටවලින් මට පුහුණු අවස්ථා හිමිවෙයි කියලා මම කවදාවක් හිතුවෙ නෑ. නමුත් මට ඒ අවස්ථාව ලැබුණා. එම පුහුණු වැඩසටහන තුළින් අලූත් දේවල් ඉගෙනගෙන මගේ වෘත්තීයමය ජීවිතය තවත් සාර්ථක කරගන්න මම බලාපොරොත්තු වෙනවා.යනුවෙන් දුර්ගාදේවි මහත්මිය පැවසුවාය.

    සමඅවස්ථා පිරිනැමීම

    වවුනියාව නගරයයේ සිට මිනිත්තු කිහිපයක දුරින් පිහිටා ඇති, Hirdaramani Fashions (Pvt) Limited 2012 වසරේ මෙහෙයුම් ආරම්භ කරන ලද අතර කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහන් සඳහා ප‍්‍රමුඛත්වය ලබා දෙන සමාගමකි. යුද්ධය පැවති කාලයේ අතහැර දැමූ ගොඩනැගිල්ලක් වූ මෙය අද වන විට අතිනවීන කර්මාන්තශාලාවක් බවට පරිවර්තනය වී ඇත. ඒ හරහා මසකට රෙදි කැබලි මිලියන 2.5 කට වඩා නිෂ්පාදනය කරන අතර මෙහි සේවකයින් 1400 කට අධික සංඛ්‍යාවක් සේවය කරයි. එහි නිෂ්පාදනවලින් 80%ක් යුරෝපා සංගමයට අපනයනය කරනු ලබන්නේ GSP+ ක‍්‍රමය යටතේය.

    මෙම ආයතනය හරහා කි‍්‍රයාත්මක ‘The Wonders of Wellbeing’ (WOW) වැඩසටහන බහුතරයක් වූ සිය කාන්තා ශ‍්‍රම බලකාය සවිබල ගැන්වීම වෙනුවෙන් සුවිසල් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. එම මුලපිරීම තුළින් සිය ව්‍යාපාරික න්‍යාය පත‍්‍රයට සහ මෙහෙයුම් සංස්කෘතියට යහජීවනය ඒකාබද්ධ කරයි. එය මානසික, සම්බන්ධතා, කායික, ආර්ථික සහ පාරිසරික යන ප‍්‍රධාන කරුණු පහක් වටා පදනම් වී ඇත. සිය සේවා සංස්කෘතිය තුළ සේවක සුබසාධනය සහ කාන්තා සවිබල ගැන්වීම යන ප‍්‍රමිතීන් සහතික කිරීමට ආයතනය විසින් පුළුල් පරාසයක මෙවලම් සහ මුලපිරීම් කි‍්‍රයාත්මක කරනු ලබයි.

    කර්මාන්තශාලාව ආරම්භයේ සිටම කැපුම් අංශයේ කි‍්‍රයාකාරී සාමාජිකාවක් ලෙස කටයුතු කරන හර්ෂනී ප‍්‍රියරත්න මහත්මිය පවසන්නේ මුදල් අගහිඟකම් හේතුවෙන් උසස් පෙළ හදාරන්නට නොහැකි වුව ද හයිඩ‍්‍රාමණී සමාගම තමාට ඉගෙනීමට අවස්ථාව සලසා දුන් බවයි.

    මම නිතරම කියන්නේ මේ කර්මාන්තශාලාව කැම්පස් එකක් වගේ. එහිදී ඔබට අනෙකුත් කර්මාන්තවලට සාපේක්ෂව ඇඟලූම් නිෂ්පාදනයේ විවිධ පැතිකඩයන් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනවා. වවුනියාව හයිඩ‍්‍රාමනී ආයතන පටන් ගන්නා විට එහි තිබුණේ එක ගොඩනැගිල්ලයි. වවුනියාව කර්මාන්තශාලාව ආරම්භ කළ අවධියේ ව්‍යවසාය සම්පත් සැලසුම්කරණය (ERP) පිළිබඳ පුහුණුවක් සඳහා මාව කොළඹට එව්වා. එහිදී මම මගේ යහළු යෙහෙළියන් ද පුහුණු කළා. මෙය ඉගෙනීමට හොඳ අවස්ථාවක්. ඇඟලූම් වෘත්තිය තුළින් ජීවිතය ජය ගැනීමට එය මට විශ්වාසයක් ලබා දුන්නා.යනුවෙන් ඇය තවදුරටත් පැවසුවාය.