February, 17, 2016
වැලිබල් වන් පීඑල්සී හි විධායක නියෝජ්‍ය සභාපතිවරයා ලෙසින් කටයුතු කළ නිමල් පෙරේරා මහතාගේ ධූරයේ වෙනසක් වී තිබේ.
මේ අනුව ඒ මහතා තවදුරටත් සමාගමේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙසින් කටයුතු කරනු ලබන අතර යෝගාදිනුෂා භාස්කරන් මෙනවිය වැලිබල් වන් හි නව ප්‍රධාන විධායක නිලධාරීවරිය ලෙසින් වැඩ භාරගෙන තිබේ.
මේ බව සමාගම විසින් ඊයේ දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී තිබෙන අතර භාස්කරන් මෙනෙවියගේ පත්වීම 2016 පෙබරවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Video Story