February, 18, 2016
ඊයේ පැවති භාණ්ඩාගාර බිල්පත් නිකුතුවේ දී දින 91 බිලපත් සඳහා ලැබුණු රුපියල් මිලියන 5,000 ක ලංසු පමණක් අනුමත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. එහිදී පෙර සතියේ දී 7.01% ක්ව පැවති පොළී අනුපාතය ඊයේ දිනයේ දී 7.14% දක්වා වැඩිවී තිබේ.
මේ අතර දින 182 හා දින 364 සඳහා ලැබුණු ලංසු කිසිවක් භාර ගැනීමට ඊයේ දිනයේ දී කටයුතු කර නැත. පෙර සතියේ දී දින 182 සඳහා 7.57% ක්ද , දින 364 සඳහා 7.95% ක්ද වශයෙන් පොළී අනුපාතික නියම වී තිබිණි. එම තත්ත්වය තුළ ඊයේ පැවති වෙන්දේසියේ දී දින 364 භාණ්ඩාගාර බිල්පත් පොළිය 8% සීමාව ඉක්මවා යාමට ඉඩකඩ තිබුණු බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටියේය.
Video Story