February, 19, 2016
නෝත්ලන්ඩ් ෆොන්ටෙරා හි කොටස්කරුවන්ගේ උපදේශකවරයෙකු වන මරේ ඩග්ලස් මහතා ඇතුළු නවසීලන්ත කිරිගොවීන් සිව්දෙනෙකු ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා එක්වන බව වාර්තා වේ.
ව්‍යාපාරයක් ලෙසින් කිරි ගොවිපළක් සාර්ථක අයුරින් පවත්වා ගෙන ආකාරය පිළිබඳ මෙරට කිරි ගෝවීන් සමගින් සිය අත්දැකීම බෙදාහදා ගැනීමට මරේ ඩග්ලස් මහතා මෙහිදී බලාපොරොත්තු වේ. කිරි ගවයින් 950 කට ආසන්න ප්‍රමාණයකින් යුතු ගොවිපළක් මරේ ඩග්ලස්, ඔහුගේ බිරිඳ සහ පුතා සමගින් පවත්වා ගෙන යනු ලබයි.
එළඹෙන පෙබරවාරි 24 වන දින පන්නල දී ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගමේ ආදර්ශන හා පුහුණු ගොවිපළක් විවෘත කිරීමට නියමිත අතර ඊට සමගාමීව මෙම සංචාරය සිදුකෙරනු ඇත. මෙම ආදර්ශන හා පුහුණු ගොවිපළ නවසීලන්ත අගමැති ජෝන් කී මහතා විසින් විවෘත කරනු ලබන බව ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී අනාවරණය කර සිටියේය.
ඡායාරූපයේ දකුණු කෙළෙවරේ සිටින්නේ මරේ ඩග්ලස් මහතායි.
Video Story