බැංකුවල ඩොලර් මිල තවත් බසී

    June, 1, 2023

    මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල දෛනික විනිමය අනුපාතිකයන් පිරික්සීමේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන්වල පහළ යාමක් අද (01) දිනයේ දී ද, වාර්තා වී ඇත.

    ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රු. 281.00 සිට රු. 287.00 සිට දක්වා වූ මිල පරාසන් තුළ වාර්තා වී ඇති අතර විකුණුම් මිල රු. 294.50 සිට රු. 299.00 දක්වා මිල පරාසයන් හි සටහන් වී තිබුණි.

    ඒ අනුව අද (01) පෙරවරුවේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.

    ලංකා බැංකුව - රු. 283.00 - රු. 297.42

    මහජන බැංකුව - රු. 284.07 - රු. 295.92

    සම්පත් බැංකුව - රු. 282.44 - රු. 296.00

    කොමර්ෂල් බැංකුව - රු. 286.00 - රු. 296.00

    HNB බැංකුව - රු. 284.00 - රු. 296.00

    නේෂන්ස් ට්‍රස්ට් බැංකුව - රු. 281.40 - රු. 299.00

    අමානා බැංකුව - රු. 287.50 - රු. 294.50