February, 22, 2016
2015 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රතිඵල නිකුත් කිරීමට ලංකා IOC සමාගම කටයුතු කර තිබේ.
ඒ අනුව අදාළ කාර්තුව තුළ දී සමාගමේ ආදායම රුපියල් බිලියන 18 ක් වශයෙන් වාර්තා වන අතර එය 2014 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ ආදායම වූ රුපියල් බිලියන 20 හා සැසඳීමේ දී 10% ක පහළ යාමකි.
කෙසේ වෙතත් අදාළ කාලපරිච්ඡේදය තුළ සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් මිලියන 610 සිට මිලියන 882 දක්වා 44% ක කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කර ගනෙ තිබේ.
මෙම කාලය තුළ දී විකුණුම් පිරිවැය රුපියල් බිලියන 18.9 සිට බිලියන 16.44 දක්වා 13% කින් පහළ යාම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.
Video Story