මියන්මාර ප්‍රතිඅපනයනවලට කොළඹ වරායෙන් 10% ක වට්ටමක්

    February, 23, 2016

    කොළඹ වරාය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මියන්මාරයේ ප්‍රතිඅපනයන බහලුම් මෙහෙයුම් වෙනුවෙන් අදාළ නැව්සේවා සමාගම් සඳහා 10% ක වට්ටමක් ලබා දීමට වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ අනුමැතිය හිමි වී තිබේ. ශ්‍රී ලංකා වරාය අධිකාරිය කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇත.

    ප්‍රතිඅපනයන බහලුම් මෙහෙයුම් විශාල වශයෙන් සිදුකරන රටක් වශයෙන් මියන්මාරය ප්‍රචලිත වී තිබේ. එම වෙළඳපොළ ඉලක්ක කර පසුගිය වසරේදී මියන්මාරයේ යන්ගොන් වරාය සහ කොළඹ වරාය කේන්ද්‍ර කර ගනිමින් පෝෂක සේවාවක්ද (Feeder Services) ආරම්භ කෙරිණ.

    මියන්මාර වෙළඳපොළ තවදුරටත් ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් නැව්සේවා සමාගම් වෙත 10% ක වට්ටමක් ලබා දීමට මේ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පියවර ගෙන ඇත.