February, 23, 2016
කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත බැංකු සමාගම් කිහිපයක් විසින් පසුගිය සතිය තුළ දී සිය ලාභාංශ ප්‍රකාශයට පත්කරන ලදී.
මෙහිදී හැටන් නැෂනල් බැංකුව (HNB) කොටසකට රු. 3.50 ක් බැගින් වන පරිදි 2015 මූල්‍ය වර්ෂය සඳහා වූ අවසාන මුදල් ලාභාංශය ප්‍රකාශයට පත් කර ඇත. ඊට අමතරව ඡන්ද බලය හිමි කොටස් 61.68කට හා ඡන්ද බලය රහිත කොටස් 57.46 කට එක කොටසක් බැගින් වන පරිදි කොටස් ලාභාංශයක් ද සමාගම විසින් ප්‍රකාශ කර තිබේ.
මේ අතර ජාතික සංවර්ධන බැංකුව (NDB) කොටසකට රු. 4.00 බැගින් සහ සම්පත් බැංකුව කොටසකට රු. 6.00 බැගින් වන පරිදි වසර අවසාන මුදල් ලාභාංශ නිවේදනය කරන ලදී.
සම්පත් බැංකුවේ මුදල් ලාභාංශයට අමතරව කොටස් 36.91 කට 1ක් වන පරිදි කොටස් ලාභාංශයක් ද සිය කොටස් හිමියන් වෙත ලබාදීමට සමාගම පියවර ගෙන ඇත.
Video Story