February, 24, 2016
ණය පත් (ක්‍රෙඩිට් කාඩ්) අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීම සඳහා සහතික ලත් තාකෂණ හවුල්කරුවකු ලෙස එපික් ටෙක්නොලොජි සමූහය, වීසා ඉන්ටර්නැෂනල්, මාස්ටර් කාඩ් හා ඇමෙරිකන් එක්ස්ප්‍රස් ග්ලෝබල් යන අන්තර්ජාතික ගෙවීම් සංගම් මගින් පිළිගනු ලැබ තිබේ. ශ්‍රී ලාංකේය මෘදුකාංග සමාගමක් මෙලෙස සුදුසුකම් ලබා ඇති ප්‍රථම හා එකම අවස්ථාව මෙය වන අතර එපික් අන්තර්ජාල ගෙවුම් පද්ධතිය හා සබැඳූනු විවිධ මෘදුකාංග නිමවුම් මෙම ජාත්‍යන්තර ආයතනයන්හි ඇගයීමට පාත්‍රවී ඇත. එපික් මෘදුකාංග නිමවුම් පෙලක් මෙම ආයතනය මගින් ලයිස්තු ගත කර ඇති අතර එපික් ඔවුන්ගේ විශ්වාසය දිනූ තාකෂණික හවුල්කරුවකු ලෙසද නම් කර තිබීම විශේෂත්වයකි.
මෙම ජයග්‍රාහී සංධිස්ථානය පිළිබඳ අදහස් දක්වමින් එපික් ටෙක්නොලොජි සමූහ ව්‍යාපාරයේ සභාපති හා කළමනාකාර අධ්‍යකෂ ආචාර්ය නයන දෙහිගම මෙසේ සිය අදහස් දැක්වීය. “නිසැකයෙන්ම මෙම ජයග්‍රහණය පිළිබඳ අප ඉතා ආඩම්බරයට පත්වෙනවා. මෙය අපගේ සේවාවන්ගේ විශිෂ්ටත්වය හා ගුණත්වය පිළිබඹු කිරීමක් පමණක්ම නොවෙයි. මෙය ශ්‍රී ලාංකික සමාගමකට අන්තර්ජාතික වෙළෙඳ බලපරාක්‍රමය ජයගත හැකි බවට කදිම සාක්ෂියක් ද වෙනවා. මෙම ජයග්‍රහණය ලබා ගැනීම වෙනුවෙන් කැපවූ මාගේ කාර්යමණ්ඩල සාමාජිකයින් හට මෙහි ගෞරවය නිතැතින්ම හිමිවිය යුතුයි.“
1998 වසරේ දී ඇරඹි එපික් ලංකා සමාගමල වසර කිහිපයක් තුලදී එපික් ටෙක්නොලොජි සමූහ ව්‍යාපාරය බවට වර්ධනය විය. එපික් ටෙක්නොලොජි සමූහ ව්‍යාපාරය ශී්‍ර ලංකාව හා කලාපයේ අනෙකුත් රටවල් හි ප්‍රමුඛතම බැංකු, රාජ්‍ය ආයතන හා සමාගම් වෙත ආරකෂිත විද්‍යුත් ගනුදෙනු හා තොරතුරු ආරකෂණ විසඳුම් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව ලබාදෙමින් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගම් සමූහයක් බවට අද වන විට පත්ව තිබේ. ආරක්ෂිත විද්‍යුත් ගෙවීම්, තොරතුරු තාකෂණ ආරකෂාව, ජංගම ව්‍යවසාය ස්වයංකරණය හා ආරක්ෂිත ලේඛන පුද්ගල ප්‍රමාණීකරණය යනාදී තොරතුරු තාකෂණික අවශ්‍යතාවන් සඳහා ලොව උසස් ප්‍රමිතියෙන් යුතු තොරතුරු තාකෂණික විසඳුම් සංවර්ධනය, හඳුන්වාදීම හා නවෝත්පාදනය වෙනුවෙන් එපික් ටෙක්නොලොජි සමූහ ව්‍යාපාරය ඇපකැප වී සිටී.
රාජ්‍ය ආයතන හා ප්‍රමුඛ පෙළේ පෞද්ගලික සමාගමක් ගණනාවක් වෙත ඉතා වැදගත් මෙන්ම තීරණාත්මක තොරතුරු විසඳුම් ගණනාවක් ලබා දීමට එපික් ටෙක්නොලොජි සමූහ ව්‍යාපාරය මේ වන විට සමත් වී ඇත. එසේම මේ වන විට තථ්‍ය කාලීන ගෙවීම් හැසිරවීම් සිදුකරන මෙරට විශාලතම ජාලයේ මෙහෙයුම් භාරව සිටින්නේ ද එපික් ටෙක්නොලොජි සමූහ ව්‍යාපාරය වෙතයි.
“අප විසින් ආයතනය තුළ දීම මෘදුකාංග නිර්මාණය හා සංවර්ධනය කරනු ලබන අතර, ඒවා ඉහළම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ඒවා බවට අපට සහතික විය හැකියි. අප සතු වර්ධනීය හැකියාවන් හා අවස්ථාවන් හඳුනාගනිමින් කර්මාන්තයේ ප්‍රමුඛයා බවට පත්වීම අපේ අභිප්‍රායයි“, යනුවෙන් සමාගමේ අධ්‍යකෂක හා ප්‍රධාන විධායක නිලධාරී විරාජ් මුදලිගේ පැවසීය.
ශ්‍රී ලංකාවේ විශාලතම සහ එකම ද්විවිධ ස්මාර්ට් කාඩ් පදනම් කරගනු ලැබූ මූල්‍ය සේවාවන් හඳුන්වාදෙමින් වාර්තාවක් තැබීමට ද එපික් ටෙක්නොලොජි සමූහ ව්‍යාපාරය සමත් වී තිබේ. අද වන විට මෙරට ප්‍රමුඛ පෙළේ බැංකු 9 ක් වෙත දිවයින පුරා EDC/POS ටර්මිනල 50,000 කට අධික ප්‍රමාණයක් අලෙවි කිරීමට හා ස්ථාපිත කිරීමට මෙහිදී හැකිවී ඇත.
තවද මෙම ආයතනය ආසියා ශාන්තිකර කලාපයේ විවිධ රටවලට තම සේවා දායකත්වය සපයන අතර, මැලේසියාවේ BSN බැංකුව වෙත ශාඛා රහිත බැංකු පද්ධතියක් නිර්මාණය කිරීමට හා හඳුන්වා දීමට එය සමත් වී තිබේ. මහජනයා හට තථ්‍ය කාලීන බැංකු සේවාවන් ලබා දීම ස`දහා 6,500 ක් පමණ වන නියෝජිත බැංකුකරුවන් හා සම්බන්ධවීමට එමඟින් හැකියාව ලැබී තිබේ.
තාක්ෂණික නිපුණත්වය හා නව්‍යකරණ හැකියාව විදහා දක්වන එපික් ටෙක්නොලොජි සමූහ ව්‍යාපාරය දේශීය හා විදේශීය සම්මාන 58 ක් දිනා ගනිමින් මෘදුකාංග ලොවේ ශ්‍රී ලාංකේය අන්‍යනතාවය මනා ලෙස තහවුරු කර ඇත.
“එපික් ටෙක්නොලොජි සමූහ ව්‍යාපාරය ලෙසින් එකමුතුකම, සහයෝගීතාව හා ආචාරධර්මීය භාවිතයන් අප ඉතා අගය කොට සලකනවා. ආයතනය තුළ පවුලක් ලෙසින් අප කටයුතු කරන අතර සෑම දෙනාටම සමාන අවස්ථා පිරිනමමින් සියලූ දෙනාටම විශිෂ්ටයින් වීමේ අවස්ථාව අප විසින් ලබා දී තිඛෙනවා. කලාපයේ ජයග්‍රාහී සංවිධානයක් ලෙසින් නිරන්තර පුහුණුව, සකී්‍රය තාකෂණික පිළියෙල කිරීම් හා සහේතුක ඉගැනුම් වපසරිය අපගේ ස්ථාවරය මනා කොට තහවුරු කිරීමට සමත් වී තිඛෙන බව පැවසිය හැකියි“, යනුවෙන් ආචාර්ය දෙහිගම අවසාන වශයෙන් පැවසීය.
Video Story