බැංකු පනතට සංශෝධන

    June, 28, 2023

    තිරසර ආර්ථික වර්ධනයට සහාය වන ගතික සහ ඔරොත්තු දීමේ හැකියාවක් සහිත බැංකු අංශයක් පවත්වාගෙන යාමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් 1988 අංක 30 දරන බැංකු පනත සංශෝධනය කිරීමට යෝජනා වී ඇත.
    ඒ අනුව, හඳුනාගනු ලැබ ඇති සංශෝධන ඇතුළත් කරමින් 1988 අංක 30 දරන බැංකු පනත සංශෝධනය කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.