පාරිභෝගික වස්තුභංගත්වය සහ සංස්ථාගත නොකළ කුඩා ව්‍යාපාර වස්තුභංගත්වය සම්බන්ධ විධිවිධාන 1853 වස්තුභංගත්වය පිළිබඳ ආඥාපනතේ ද, සමාගම් වස්තුභංගත්වය ආශ්රිත විධිවිධාන 2007 අංක 7 දරන සමාගම් පනතේ ද ඇතුළත්ව පවතී.
එම නීති යටතේ පවතින විධිවිධාන වර්තමාන අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් නොවන බැවින්, නව ඒකාබද්ධ වස්තුභංගත්වය පිළිබඳ නීතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව පෙනී ගොස් තිබේ.
ඒ අනුව, අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර මාස තුනක (03) කාලසීමාවක් තුළ මූලික කෙටුම්පතක් සකස් කර ඉදිරිපත් කිරීම සඳහා නීති කොමිෂන් සභාවට බලය පැවරීම පිණිස ජනාධිපතිවරයා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.