June, 28, 2023
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යාමක් අද (28) දිනයේ දී වාර්තා විය.
අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 74.04 කින් ඉහළ ගොස් ඒකක 9,442.95 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 18.73 කින් ඉහළ ගොස් ඒකක 2,713.65 ක් ලෙසින් වාර්තා වී තිබුණි.
අද දින වාර්තා වූ තවත් සුවිශේෂී සිදුවීමක් වූයේ රු. බිලියන 2.26 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීමයි.
එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.85 ක් හා දේශීය විකිණුම් රු. මිලියන 2.19 ක් ලෙසින් වාර්තා වූ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 409 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 73 ක් ලෙසින් වාර්තා වී තිබේ.
අද දින සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්, මෙල්ටාකෝප්, සම්පත් බැංකුව, LOLC හෝල්ඩිංග්ස් සහ DFCC බැංකුව ඇතුළු සමාගම් 113 කින් ධනාත්මක දායකත්වයක් ලැබී තිබුණි.

දිනය තුළ සමාගම් 62 ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව පහළ යන ලදී.
HNB, TEEJAY LANKA, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්, සෙලාන් බැංකුව සහ ඇක්සස් ඉංජිනියරින්ග් යන සමාගම්වලින් අද (28) දිනයේ දී ගිවිසා ගනු ලැබූ ගනුදෙනු (Crossings) වාර්තා වී තිබුණි.
එළඹෙන ජූනි 30 වන දින බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත්වීමත් සමඟම ඊට සමගාමීව කොළඹ කොටස් වෙළෙඳපොළ ද නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත්කෙරුණි. ඒ අනුව දින 5 ක දීර්ඝ නිවාඩුවක් කොටස් වෙළෙඳපොළට ලැබී ඇත.
කෙසේවෙතත් යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණ යාන්ත්‍රණය පිළිබඳ සාකච්ඡා හමුවේ බැංකු සමාගම් රැසකම කොටස් මිල ගණන් අද දින ඉහළ යාම විශේෂ සිදුවීමකි. එලෙස බැංකු සමාගම් කිහිපයක අද දිනයේ දී කොටස් මිල ඉහළ ගිය ප්‍රතිශතයන් පහතින් දැක්වේ.
Video Story