June, 29, 2023
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල (ISB) ආයෝජන කර ඇති දේශීය බැංකු සමාගම්, ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියේ දී විදේශීය ණය හිමියන් ලෙසින් සලකනු ලබන බවත්, වානිජ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ දී ඒ පිළිබඳව වෙනමම සලකා බැලීමට සිදුවනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියේ දී ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල ආයෝජනය කර ඇති දේශීය බැංකු සමාගම් සලකනු ලබන්නේ දේශීය ණය හිමියන්ද නැතහොත් විදෙස් ණය හිමියන් ලෙසින් ද යන්න සම්බන්ධයෙන්, අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.
කෙසේවෙතත් මේ කරුණ සම්බන්ධයෙන් මේ වන විටත් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල ආයෝජනය කර ඇති දේශීය බැංකු වෙත, ඒ වෙනුවෙන් අදාළ වන ප්‍රතිපාදන (provision) සම්බන්ධයෙන් උපදෙස් දී ලබා දී ඇති බව ද අධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය.
“ISB (International Sovereign Bonds) කියන්නේ වෙනම නීතියක් යටතේ එන ණය උපකරණයක්. ඒවායේ ආයෝජනය කර තිබෙන සියලු දෙනා එකඟ වෙන විසඳුමක් තමයි හැමෝටම ගන්න වෙන්නේ. ඒක වෙනමම සලකා බලන්න වෙන්නේ විදේශීය වානිජ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ දී.“
“බැංකු පද්ධතියට අපි මහ බැංකුව විසින් උපදෙස් දීලා තියෙනවා, දැනටම ISB holding තියෙනවා බැංකු 4ක් 5ක්. ඒ අයට provision කරන්න කියලා තියෙනවා දැනටම 35%ක් provide කරලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ආයෝජනවලින්. එතකොට අලුතෙන් යම්කිසි ආකාරයක, යම්කිසි බලපෑමක් බැංකු පද්ධතියට වෙනවා. ඒ නිසා 35% වැඩි hair cut එකක් ගත්තොත් තමයි ඒගොල්ලන්ට බලපෑමක් වෙන්නේ. ඒ කියන්නේ දැනටමත් 35% ක් ඒගොල්ලෝ ඒක ගැන provision කරලා තියෙන්නේ. ඒ නිසා ඒකෙන් බැංකු පද්ධතියට කිසිම අලුතෙන් හානියක් වෙන්නේ නැහැ කියන එක තමයි අපේ බලාපොරොත්තුව.“
Video Story