July, 5, 2023
අද (05) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් හි දැවැන්ත පහළ යාමක් වාර්තා වී තිබේ.
මෙහිදී දින 91 බිල්පත් ඵලදා අනුපාතික 23% සිට 17.79%ක් දක්වා ත්, දින 182 බිල්පත් ඵලදා අනුපාතිය 19.49% සිට 15.93% ක් දක්වා ත් සහ දින 364 බිල්පත් ඵලදා අනුපාතිකය 16.99% සිට 13.86% ක් දක්වා ත් පහළ ගොස් තිබුණි.
මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 140,000 ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඒ සඳහා රු. මිලියන 252,525 ක ලංසු ප්‍රමාණයක් ලැබී තිබුණි.
එහිදී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණයට සමපාත වන අයුරින් රු. මිලියන 140,000 ක බිල්පත් සඳහා ලංසු පිළිගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදී.

Video Story