July, 6, 2023
ඊයේ (05) රැස් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 11.00 සහ සියයට 12.00 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට තීරණය කර තිබේ.
මෙය ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික අඛණ්ඩව පහත දැමූ දෙවන අවස්ථාව වන අතර මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2023 මැයි මස 31 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 13.00 සහ සියයට 14.00 දක්වා පදනම් අංක 250කින් අඩු කිරීමට තීරණය කර තිබුණි.
මේ අනුව සති 5 ක පමණ කාලයක් තුළ දී මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 450 කින් පහළ දමා තිබේ.
මෙලෙස දෙවන වරටත් මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීම හරහා මූල්‍ය වෙළඳපොළ තුළ පවතින පීඩන ලිහිල් කරන අතරම 2022 වසරේදී ආර්ථික ක්‍රියාකාරකම්වල සිදු වූ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම සංකෝචනයෙන් ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම සඳහා සහායයක් ලබා දෙනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කෙරේ.
Video Story