February, 25, 2016
රටේ කිරි කර්මාන්තයට උරදීම සඳහා පෞද්ගලික අංශයෙන් කෙරෙන පුරෝගාමී ආයෝජනයක්
ෆොන්ටෙරා සමාගමේ ප්‍රථම ශ්‍රී ලාංකික ආදර්ශන හා පුහුණු ගොවිපළ ඊයේ (24) දින නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මැතිතුමන්, තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමන් සහ ෆොන්ටෙරා සභාපති ජෝන් විල්සන් මහතා අතින් විවෘත විය.
https://www.youtube.com/watch?v=jOrI9nUiyOw
මෙම අවස්ථාවට ප්‍රදේශවාසීහු 300 කට අධික පිරිසක්ද එක්වී සිටියහ. ඇන්කර් නාමයේ මවු සමාගම වන ෆොන්ටෙරා, කිරි ගොවීන්ගේ හිමිකාරීත්වය යටතේ පවතින, සමූපකාර සංකල්පය මත පදනම් වූ, මෙරට දේශීය කිරි කර්මාන්තය නැංවීම සඳහා කැපවී කටයුතු කරමින් සිටින සමාගමක් වේ. එම කැපවීමේ තවත් ඉදිරි පියවරක් ලෙස රු. මිලියන 117 ක ආයෝජනයක් සමගින් ස්ථාපිත කෙරුණු මෙම ගොවිපළ මෙරට කිරි ගොවීන් සඳහා පෞද්ගලික අංශයේ මූල්‍ය දායකත්වය සමගින් ආරම්භ වූ ප්‍රථම කිරි ගොවි පුහුණු ආයතනය ලෙස සැලකේ.
මෙම ගොවිපළ මගින් සෑම වසරකදීම ගොවීන් 2,500 කට පමණ පුහුණුව ලබා දීමට නියමිත ය. එමෙන්ම එහි පුහුණු පරිපාලන කළමනාකරුවන්, සත්ත්ව ප්‍රතිකාර විශේෂඥයන් සහ සහායකයන් වැනි තනතුරුවල සුදුසුකම් ලත් පුද්ගලයන් සේවයේ යෙදෙනු ඇත.
ෆොන්ටෙරා සභාපති ජෝන් විල්සන් මහතා පෙන්වා දුන්නේ ෆොන්ටෙරා සමාගමට සහ ඇන්කර් නාමයට ශ්‍රී ලංකාව තුළ විශාල ඉතිහාසයක් පවතින බවයි. එමෙන්ම ෆොන්ටෙරා සමාගම ශ්‍රී ලංකාවේ දේශීය කිරි කර්මාන්තය නැංවීමට කැපවී සිටින බවද ඒ මහතා අවධාරණය කළේ ය.
“දැනුම හා අත්දැකීම් ඛෙදාහදාගැනීම සහ සහයෝගයෙන් වැඩකිරීම ඉතාමත් වැදගත් බව අපේ විශ්වාසයයි. මෙය අපගේ සමූපකාර ව්‍යුහයේ වැදගත් අංගයක්. ෆොන්ටෙරා අද මෙතරම් සාර්ථකත්වයක් අත්කරගැනීමටත් එය ප්‍රධාන හේතුවක් වී තිඛෙනවා. එක්වී වැඩකරන විට, අදහස් හා සම්පත් ඛෙදාගන්නා විට සහ අලූත් දේවල් අත්හදා බලන විට ජයග්‍රහණ ළඟා කරගැනීම පහසු බව නවසීලන්තයේ ගොවීන් කල්තියාම වටහාගත්තා. අප උත්සාහ කරන්නේ මෙසේ ගොවීන් විසින්ම ගොවීන්ට උදව් කරන ක්‍රමයක් ශ්‍රී ලංකාවේත් ස්ථාපිත කිරීමටයි.“ ඔහු පැවසී ය.
ගොවිපළ තුළ පැවැත්වෙන සංචාර, ක්ෂේත්‍ර දින වැඩසටහන්, කෙටිකාලීන පාඨමාලා සහ පුහුණු වැඩසටහන් ආදිය ඔස්සේ ගොවීන්ට කිරි කර්මාන්තය සම්බන්ධයෙන් ෆොන්ටෙරා සතු ජාත්‍යන්තර මට්ටමේ දැනුම ලබාගැනීමට හැකිවනු ඇත.
“ශ්‍රී ලංකාවේ ශක්තිමත් කිරි කර්මාන්තයක් බිහිකිරීමට නම් අධ්‍යාපනය හා පුහුණුව ලබාදීම අත්‍යවශ්‍යයි. ෆොන්ටෙරා සතු දීර්ඝ ඉතිහාසය හා අත්දැකීම් සම්භාරය නිසා ක්ෂේත්රයේ සැබෑම වෙනසක් ඇතිකිරීමට හැකිවෙනු ඇතැයි කියා මා විශ්වාස කරනවා.“ විල්සන් මහතා වැඩිදුරටත් පැවසී ය.
කිරිවල තත්ත්වය උසස් කරගන්නා ආකාරය මෙන්ම තම ගොවිපළ ව්‍යාපාර වඩාත් කාර්යක්ෂම සහ ලාභදායී ලෙස පවත්වාගෙන යන ආකාරය වටහාගැනීමට ගොවීන්ට අත්වැලක් වීම සඳහා ගොවිපළේ වැඩි අවධානයක් යොමුවනු ඇත.
මීට සහායක් ලෙස නවසීලන්තයේ ෆොන්ටෙරා කිරි ගොවීන් 4 දෙනෙකු 2016 මැයි සහ ජූලි මාස අතර ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය. ශ්‍රී ලංකාවේ ගොවිපළවල මාසයක කාලයක් ගතකරමින් ගොවීන්ට ප්‍රායෝගික පුහුණුවක් සමගින් මගපෙන්වීම් ලබාදීමට ඔවුන් කටයුතු කරනු ඇත.
“රටක කිරි කර්මාන්තය උපරිම වශයෙන් දියුණු කිරීමට නම් ඒ ඒ රටවලට ආවේ‚ක වූ පාරිසරික හා දේශගුණික තත්ත්වයන් ඇතුළු සුවිශේෂී තත්ත්වයන්ට ගැළපෙන ක්‍රමවේද නිර්මාණය කරගැනීම අත්‍යවශ්‍යයි. කිරි කර්මාන්තයේ පරම්පරා ගණනක අත්දැකීම් අප සතු නිසා එවැනි ක්‍රම නිර්මාණය කරගැනීම සඳහා ශ්‍රී ලාංකීය කිරි ගොවීන්ට උපකාරී වීමට අපට හැකියාව ඇති බව අප විශ්වාස කරනවා. රජය, බලධාරීන් සහ ප්‍රජා සංවිධාන ආදී පාර්ශ්ව වෙතින් නිසි සහයෝගය ලැඛෙනවා නම් අපට මෙවැනි තවත් ගොවිපළවල් රටපුරා ස්ථාපිත කිරීමට පුළුවන්. මේ මගින් අපට රටේ කිරි කර්මාන්තයේ යහපත වෙනුවෙන් පුහුණු වැඩසටහන් වැඩිකිරීම වගේම තවත් කිරි ශීතකිරීමේ මධ්‍යස්ථාන වැනි යටිතල ව්‍යුහ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම වැනි බොහෝ දේ සිදුකරන්නට හැකිවේවි.“ ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගමේ කළමනාකාර අධ්යක්ෂ සුනිල් සේති මහතා පැවසීය.
පන්නල ෆොන්ටෙරා ආදර්ශන හා පුහුණු ගොවිපළ තුළ කිරි දෙවීමේ ස්ථානයක්, පුහුණු මධ්‍යස්ථානයක්,ගවගාල්, කිරි ශීතකිරීමේ මධ්‍යස්ථානයක් සහ සත්ත්ව ආහාර වගාකිරීමේ ප්‍රදේශ ඇතුළු පහසුකම් රැසක් ස්ථාපිත කිරීමට නියමිත වේ.
Video Story