July, 6, 2023
සම්පත් බැංකුවේ 8 වැනි කළමනාකාර අධ්‍යක්ෂකවරයා ලෙස පත් වූ අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය 2023 ජූලි 1 වන දින එම තනතුරෙහි රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කරන ලදී.
නව කළමනාකාර අධ්‍යක්ෂතුමියගේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් ජූලි 04 වන දින විශේෂ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව සම්පත් බැංකු කණ්ඩායමේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහභාගීත්වයෙන් විශේෂ හමුවක්ද පැවැත්විණ.

ඡායාරූප වමේ සිට - සම්පත් බැංකුවේ සභාපති හර්ෂ අමරසේකර මහතා විසින් අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය වෙත පත්වීම් ලිපිය ප්‍රදානය කරමින්. සම්පත් බැංකුවේ නියෝජ්‍ය සභාපති රුෂංක සිල්වා මහතා පසෙකින් සිටී. අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය නිල වශයෙන් රාජකාරී කටයුතු භාරගත් අවස්ථාව. අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය හා හර්ෂ අමරසේකර මහතා සම්පත් බැංකු කාර්ය මණ්ඩලය අමතමින්. අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය ආගමික වතාවත්වල නියුතුවෙමින් හා ආශිර්වාද ලබා ගනිමින්.
Video Story