July, 11, 2023
ඓතිහාසික විසුම්පාය ගොඩනැගිල්ල Boutique හෝටලයක් බවට පරිවර්තනය කිරීම සඳහා ගිවිසුම් අත්සන් තැබීම පසුගිය දා සිදුවිය.
කොළඹ 02, යූනියන් පෙදෙස ජයික් හිල්ටන් හෝටල් පරිශ්‍රයට යාබදව පිහිටි මෙම විසුම්පාය ගොඩනැගිල්ල, අතීතයේ දී හඳුන්වන ලද්දේ 'ඇක්ලන්ඩ් හවුස්' නමිනි.
යටත් විජිත සමයේදී ලංකා රයිෆල් රෙජිමේන්තුවේ නිලධාරින්ගේ භෝජනාගාරයක් වශයෙන් ඉදි කරන ලද දෙමහල් ගොඩනැඟිල්ලක් වන 'ඇක්ලන්ඩ් හවුස්' ('විසුම්පාය') ගෙඩනැඟිල්ල මේ වන විට ක්‍රමයෙන් දිරාපත් වෙමින් පවතින අතර, එහි පෞරාණික වටිනාකම ආරක්ෂා වන පරිදි ප්‍රතිසංස්කරණය කිරීමේ සහ නවීකරණය කිරීමේ කටයුතු සිදු කිරීම අවශ්‍යව තිබෙන බව පසුගිය යහපාලන රජය සමයේ දී අවධාරණය කෙරිණි.
2016 ඔක්තෝබර් මාසයේ දී මෙම විසුම්පාය පරිශ්‍රය Boutique හෝටලයක් බවට පත්කරලීම සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී තිබුණි.
කෙසේවෙතත් වසර 7කට පසුව එම කැබිනට් තීරණය යථාර්ථයක් බවට පත්වන සේයාවක් මේ වන විට පෙනී ගොස් ඇත.
ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය සහ Azotels හා Hunas Holdings PLC යන සමාගම් අතර මෙම ව්‍යාපෘතිය සඳහා ගිවිසුම්වලට එළඹ තිබේ.
මෙම ගිවිසුම් අත්සන් තැබීම සඳහා Azotels හි අධිපති සහ ලොව කීර්තිමත් හෝටල් ව්‍යාපාරිකයෙකු වන
Adrian Zecha ද එක්ව තිබුණි.
Video Story