පොලී යලි නගී

    July, 12, 2023

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රු. මිලියන 160,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද (12) දිනයේ දී කැඳවා තිබුණි.

    මේ සඳහා රු. මිලියන 194,890 ක ලංසු ලැබී තිබුණ ද එහි දී පිළිගෙන තිබුණේ රු. මිලියන 99,660 ක ලංසු ප්‍රමාණයක් පමණි.

    පූර්ව වෙන්දේසිය හා සැසදීමේ දී එක් එක් පරිණත කාලයන්ට අදාළ ඵලදා අනුපාතිකයන් හි ඉහළ යාමක් අද (12) දිනයේ දී වාර්තා වී ඇත.

    ඒ අනුව දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 17.79% සිට 19.08%ක් දක්වාත්, දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 15.93% සිට 16.95% ක් දක්වාත් සහ දින 364 බිල්පත් පොලී අනුපාතිකය 13.86% සිට 14.04% ක් දක්වාත් වැඩි වී ඇත.