මහ බැංකුවේ නිල සංචිතය පොඩ්ඩක් අඩුවෙයි

    July, 14, 2023

    2023 ජූනි මාසය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණයෙහි 0.7% ක සුළු පහළ යාමක් වාර්තා වී තිබේ.

    ඒ අනුව 2023 මැයි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 3,491 ක් ලෙසින් වාර්තා වූ නිල සංචිත වත්කම් වටිනාකම 2023 ජූනි මාසයේ දී ඩොලර් මිලියන 3,468 ක් ලෙසින් සටහන්ව තිබේ.

    මෙම සංචිත වත්කම් තුළ අන්තර් ප්‍රධාන සංරචකය වන විදෙස් මුදල් සංචිතය 2023 ජූනි මාසයේ දී ඩොලර් මිලියන 3,430 ක් ලෙසින් වාර්තා වන අතර එය මැයි මාසයේ දී සටහන්ව තිබූ ඩොලර් මිලියන 3,445 ට වඩා 0.4% ක සුළු පහළ යාමක් වේ.