රජයේ බදු ආදායම 93% කින් ඉහළට. 2023 මුල් මාස 06 දී රු. බිලියන 696 ක් රැස් කරයි

    July, 17, 2023

    2023 පළමු භාගය තුළ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රැස් කරන ලද මුළු බදු ආදායම රු. මිලියන 696,946 ක් හෙවත් රු. බිලියන 696.94 ක් වේ.

    මෙය 2022 වසරේ පළමු අර්ධය තුළ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රැස් කරන ලද රු. මිලියන 361,832 ක් වූ බදු ආදායම හා සැසඳීමේ දී 93% ක වැඩි වීමකි.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩී.ආර්.එස්. හපුආරච්චි පවසන්නේ, බදු ප්‍රතිපත්තියේ සිදුවූ තීරණාත්මක වෙනස්වීම්, රටේ ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පැවතීම සහ බදු පරිපාලනය විසින් ගනු ලැබූ පියවරයන් හි කාර්යක්ෂමතාවය මෙම වර්ධනයට හේතු සාධක වී ඇති බවයි.

    2023 වර්ෂයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මුළු බදු ආදායම් රැස් කිරීම බදු වර්ග අනුව 2022 වර්ෂයට සාපේක්ෂව පහත පරිදි වේ.