අලුත් සමාගම් දෙකක් කොටස් වෙළෙඳපොළට

    July, 17, 2023

    මූලික මහජන කොටස් නිකුතු හරහා කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වීමට නව සමාගම් දෙකකට මේ වන විට අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව UB FINANCE COMPANY LIMITED සහ  AGARAPATANA PLANTATIONS LIMITED යන සමාගම් මෙලෙස කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වීමට නියමිත නවතම සමාගම් වේ.

    මෙහිදී UB ෆිනෑන්ස් කම්පැනි ලිමිටඩ් විසින් කොටසක් රු. 1 ක් බැගින් කොටස් මිලියන 55 ක් නිකුත් කිරීමට සූදානම් වන අතර ආගරපතන වැවිලි සමාගම එකක් රු. 9 බැගින් කොටස් මිලියන 83 ක් නිකුත් කිරීමට සූදානමින් සිටී.

    UB ෆිනෑන්ස් කම්පැනි ලිමිටඩ් හි මූලික මහජන කොටස් නිකුතුව එළඹෙන ජූලි 10 වනදා විවෘත කෙරෙනු ඇත.

    මේ වන විට සමාගම් 289 ක් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත අතර මෙම නව සමාගම් දෙකත් සමඟින් ලැයිස්තුගත මුළු සමාගම් ගණන් 291 ක් දක්වා ඉහළ යනු ඇත.