ශ්‍රීලංකන් විකිණීමේ ගනුදෙනුවේ පළමු අදියර 2023 දෙසැම්බරයේ දී. දෙවන අදියර තවත් මාස 6කින්

    July, 18, 2023

    අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද පරිදි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පවතින ඉහළ මූල්‍ය
    අවදානම් හේතුවෙන් මව් සමාගමේ සහ එහි පරිපාලිත සමාගම්වල අයිතිය බැහැර කිරීම ප්‍රමුඛතාවයක් ලෙස
    හඳුනාගෙන ඇත.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ රජය සතු කොටස් අයිතිය බැහැර කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති අතර විකුණුම්-පාර්ශවික ගනුදෙනු උපදේශකයින් (එනම් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව) පත් කර ඇත. උපදේශක විසින් 2023 දෙසැම්බර් අවසානය වන විට නිසි ඇගයීමක් කිරීම හා බැහැර කිරීමේ උපායමාර්ගයන්ට අනුකූලව මෙකී ගනුදෙනුවේ (අදියර I) සම්පූර්ණ කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගනුදෙනුව ක්‍රියාත්මක කිරීම සඳහා වන අදියර II සඳහා තවත් මාස 6 ක් ගතවනු ඇත.

    අභියෝගාත්මක බාහිර හා අභ්‍යන්තර අරමුදල් සීමාවන් තිබියදීත්, 2022/23 මූල්‍ය වර්ෂයේ අවසන් කාර්තුව තුළ ශ්‍රීලංකන් ගුවන් සමාගම රු. බිලියන 60.2 ක ලාභයක් වාර්තා කර ඇති අතර, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඍණ ශුද්ධ වත්කම් ප්‍රමාණය 2023 වසරේ මාර්තු අවසානය වන විට රු. බිලියන 511 කි.

    2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ 10 වැනි වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද, 2023 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවෙහි මේ බව සඳහන් වේ.