July, 18, 2023
ආරක්ෂිත ජලය හා සනීපාරක්ෂාව සඳහා ප්‍රවේශ වීමේ අවස්ථා පුළුල් කිරීම, සේවයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සහ තිරසර ජල සම්පත් භාවිතයන් ක්‍රියාත්මක කිරීම ආදී අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකි වන පරිදි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මූල්‍ය ශක්‍යතාව සහ තිරසරභාවය තහවුරු කර ගත යුතුව ඇත.
ඒ අනුව, ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන අඩු ආදායම්ලාභී කාණ්ඩයන්ට සහ අධ්‍යාපනික, ආගමික හා පොදු ජල සැපයුම් ආශ්‍රිතව ලබා දී ඇති සමාජ ආරක්ෂණ පදනමට අවම බලපෑමක් වන පරිදි ජල සහ මලාපවහන ගාස්තු සංශෝධනය කිරීම පිණිස අනුමැතිය ලබා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
Video Story