යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා වන අපගමන බදු සහනය දීර්ඝ කිරීම
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා එම ගුවන්තොටුපොළේදී ජාත්‍යන්තර ගුවන් සමාගම් විසින් ගෙවිය යුතු අපගමන බද්දෙන් 50%ක් පමණක් මාස 06ක කාලසීමාවක් සඳහා අය කිරීම පිණිස 2022. 12 19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එකී සහන කාලසීමාව 2023.07.11 දිනෙන් අවසන් වී ඇත.
එම ගුවන්තොටුපොළ භාවිත කරනු ලබන මගීන් සඳහා දැරිය හැකි මිලකට ගුවන් ගමන් බලපත්‍රවල මිල තීරණය කිරීමට හැකි වන පරිදි අපගමන බද්දෙන් 50%ක් පමණක් අය කිරීමේ කාලසීමාව තවත් මාස 06කින් දීර්ඝ කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.