ලංකාවේ සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතියකට සිංගපූරුවේ Keppel Land පැමිණෙයි

    February, 27, 2016

    ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට සූදානම් වන දේපළ ව්‍යාපෘතියක් වෙනුවෙන් සිංගපූරුවේ Keppel Land සමාගම මුලපුරා තිබේ.

    මේ අනුව Keppel Land හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන Edmonton Pte Ltd හා ශ්‍රී ලංකාවේ සිලෝන් තියටර්ස් සමූහය අතර ඇමරිකානු ඩොලර් මිලියන 5.5 ක ගිවිසුමකට ගැනුම් හා විකුණුම් ගිවිසුමකට එළඹ තිබේ. මෙම ගිවිසුමට අනුව අදාළ ව්‍යවසායෙහි 60% ක හිමිකාරීත්වය Keppel Land සතුවනු ඇත.

    කොළඹ නගරය තුළ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියක් මෙහිදී ඇරඹීමට නියමිතය.