ඩොලරයේ විකුණුම් මිල රු. 330 පසුකරයි

    July, 20, 2023

    අද (20) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 316.30 ක් සහ විකුණුම් මිල රු. 330.29 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    2023 අප්‍රේල් 06 දිනෙන් පසු මහ බැංකු විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයක විකුණුම් මිල රු. 330 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වේ.

    දිනය සඳහා දෛනික විනිමය අනුපාතික සටහන ප්‍රකාශයට පත් කරමින් මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ අද දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 324.25 ක් බවයි. මෙය 2023 අප්‍රෙල් 03 දිනෙන් පසු වාර්තා වී තිබෙන වැඩිම අගය වේ.