February, 28, 2016
ගම්පහ දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ව්‍යාපාරයේ මූල්‍ය වාර්තා අධ්‍යයනය කිරීම මගින් ව්‍යාපාරයේ වර්තමාන හා අනාගත තත්වයන් පිළිබඳව දැනගැනීම හා තීරණ ගැනීමේ ක්‍රමවේදය පිළිබඳ එක් දින වැඩමුළුවක් 2016 මාර්තු මස 17 වැනි බ්‍රහස්පතින්දා ගම්පහදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලීය ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය එක්ව මෙම වැඩ මුළුව සංවිධානය කරනු ලබයි.
මේ මගින් ව්‍යාපාරයේ මූල්‍ය වාර්තා අධ්‍යයනය කිරීම, මුල්‍ය අනුපාත මගින් ව්‍යාපාරයේ වර්තමාන මූල්‍ය තත්වයන් හඳුනා ගැනීම, ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාවන් දැනගැනීම, ව්‍යාපාරයේ ඵලදායිතාවය හා කාර්යක්ෂමතාවය වැඩිකිරීම, නිවැරදිව ව්‍යාපාරයේ සංවර්ධන තීරණ ගැනීමේ හැකියාව ලබාගැනීම, ව්‍යාපාරයේ බදු ක්‍රම හා මූල්‍ය නීති රීතිවල බලපෑම්, පරිඝනක ගිනුම්කරණ මෘදුකාංග භාවිතය හා එහි වටිනාකම පිළිබඳව දැනුවත් කිරීම් කරනු ලැබේ.
වැඩමුළුව අවසානයේදී පරිඝනක ආශ්‍රිත ගිණුම්කරණය සඳහා වන සරල පරිඝනක ගිනුම්කරණ මෘදුකාංගයක් නොමිලේ ලබා දීමට කටයුතු යොදා ඇත.
වැඩි විස්තර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, කච්චේරි සංකීර්ණය, ගම්පහ. යන ලිපිනයෙන් හෝ 0332222909 යන දුරකථන අංකයට අමතා හෝ idbgampaha@gmail වෙත ඊමේල් පණිවුඩයක් ලබා දීමෙන් හෝ ලබා ගත හැකි වේ.
Video Story