UB ෆිනෑන්ස් මූලික කොටස් නිකුතුවට ආරම්භක දිනයේ දීම අධි ඉල්ලුමක්

    July, 20, 2023

    අද (20) දිනයේ දී විවෘත කරන ලද UB ෆිනෑන්ස් කම්පැනි ලිමිටඩ් හි මූලික මහජන මහජන කොටස් නිකුතුව සඳහා ආරම්භක දිනයේ දීම අධිදායකත්වයක් ලැබී ඇති බව එම නිකුතුවේ රෙජිස්ට්‍රාර් සමාගම වන PW කෝපරේට් පවසයි.

    කොටසක් රු. 1 බැගින් කොටස් මිලියන 55 ක් මෙලෙස මහජනයා සඳහා විවෘත වූ අතර එම ප්‍රමාණය ඉක්මවා ඉල්ලුම්පත් මේ වන විට ලැබී ඇති බව වාර්තා වේ.

    මේ හේතුවෙන් ආරම්භක දිනය වූ අද (20) දින පස්වරු 4.30ට මෙම කොටස් නිකුතුව වසා දැමීමට තීරණය කර ඇත.