February, 29, 2016
පසුගිය සතිය තුළ දී තවත් ලැයිස්තුගත සමාගම් කිහිපයක් සිය ලාභාංශ ප්‍රකාශයට පත්කරන ලදී.
මෙහිදී ඕවර්සීස් රියලිටි කොටසකට රු. 1.50 බැගින් වන පරිදි පළමු හා අවසාන ලාභාංශය ද, යුනයිටඩ් මෝටර්ස් කොටසකට රු. 4.00 බැගින් වන පරිදි දෙවන අතුරු ලාභාංශය ද, නුවර එලිය හෝටල් සමාගම කොටසකට රු. 30.00 බැගින් වන පරිදි අතුරු ලාභාංශයක් ද, එයිට්කන් ස්පෙන්ස් වැවිලි කළමනාකරණ සමාගම කොටසකට රු. 2.00 බැගින් වූ අතුරු ලාභාංශයක් ද, සෙංකඩගල ෆිනෑන්ස් කොටසකට ශත 65 බැගින් වන පරිදි දෙවන අතුරු ලාභාංශයක් ද ප්‍රකාශයට පත් කරන ලදී.
මීට අමතරව සෙලාන් බැංකුව කොටසකට රු. 2.75 ක්ද, සිංගර් (ශ්‍රී ලංකා) කොටසකට රු. 4.20 ක්ද, නේෂන් ට්‍රස්ට් බැංකුව කොටසකට රු. 2.10 ක්ද ලෙසින් අවසාන ලාභාංශ නිවේදනය කර තිබේ.
Video Story