සංචාරක පැමිණීම හත් ලක්ෂයේ සීමාව ඉක්මවයි

    July, 24, 2023

    2023 වසරේ ජුලි 20 වන දින දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 714,598 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර සිටියි.

    ජූලි මාසය ගතවු දින 20 තුළ පමණක් සංචාරකයින් 89,724 දෙනෙක් මෙරටට පැමිණ ඇත.

    2022 වසරේ ජුලි මාසය පුරා මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයින් 47,293 ක් වන අතර ඒ හා සැසඳීමේදී මේ වසරේ ජූලි මාසය තුළ සංචාරකයන්ගේ පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක් ඇති අයුරු දැකගත හැකියි.

    2022 සමස්ත වසරටම මෙරටට පැමිණි සංචාරකයින් ගණන 719,978 ක් වුවත් මේ වසරේ ජූලි මාසයේ 20 වැනිදා වන විට පමණක් පැමිණි සංචාරකයන් ගණන හත් ලක්ෂය ඉක්මවීම විශේෂත්වයකි.

    ජූලි මස වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම ගණන 15,330 ක් වේ. මීට අමතරව එක්සත් රාජධානියෙන් 10,184 ක් චීනයෙන් 5.963 ජර්මනියෙන් 5,141 ක් වශයෙන් ජුලි මාසයේ ගත වූ දින 20 තුළ වැඩිවශයෙන් සංචාරකයින් පැමිණි සෙසු රටවල් අතර පෙරමුණේ පසුවේ.