August, 8, 2023
දේශීය ණය ප්‍රශස්ථකරණ වැඩසටහන යටතේ සේවක අර්ථසාධක අරමුදල සතු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රශස්ථකරණයට ලක්වීම තුළින් එම අරමුදලේ සාමජිකයින්ගේ විශ්‍රාමික ගෙවීම් සහ ප්‍රතිලාභවලට බලපෑමක් නොවන අයුරින් එකී ගෙවීම් සහ ප්‍රතිලාභ තහවුරු කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, පසුගිය වසර පහක (05) කාලය තුළ සේවක අර්ථසාධක අරමුදලෙහි සාමාජිකයින් සඳහා ගෙවනු ලැබ ඇති වාර්ෂික පොලී ප්‍රතිලාභ ප්‍රතිශතයන් සැලකිල්ලට ගෙන, 2023-2026 කාලය දක්වා ඉදිරි වසර හතරක (04) කාලය තුළ දායකත්ව මුදල් මත හිමිවන වාර්ෂික පොලී අනුපාතය අවම වශයෙන් 9%ක් විය යුතු බවට නියම කෙරෙන පරිදි 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story