ෆිච් රේටිංග්ස් ශ්‍රී ලංකාව පහත හෙළයි

    March, 1, 2016

    ෆිච් රේටිංග්ස් විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව ශ්‍රී ලංකාව BB- සිට B+ දක්වා ශ්‍රේණිගත කිරීමෙන් පහළට යොමු කොට තිබේ.

    ප්‍රතිමූල්‍යයන අවදානම්, ඉහළ යන ණය හා සංචිතවල පහත වැටීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දේ.

    මෙම නව ප්‍රමාණනය අනුව දිගුකාලීන විදේශ හා දේශීය විනිමය නිකුතු ශ්‍රේණිගත (Long-Term Foreign- and Local-Currency Issuer Default Ratings - IDRs) කිරීම BB- සිට B+ දක්වා පහත වැටී ඇත. මේ අනුව ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ට අනාරක්ෂිත දේශීය හා විදේශීය ව්‍යවහාර මුදල් බැඳුම්කරවල ශ්‍රේණිගත කිරීම ද පහළට යනු ඇත.