August, 10, 2023
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රු බිලියන 10.4ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2022 වසර සඳහා සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙනුවෙන් ප්‍රකාශ කර ඇති අතර 2006 වසරේ සිට මෙි දක්වා රුපියල් බිලියන 92.8ක මුදලක් බෝනස් දීමනාව ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙරට මෙතෙක් ලබා දී ඇති ඉහළම සහ විශාලතම ජීවිත රක්ෂණ බෝනස් දීමනාව ප්‍රකාශයට පත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ප්රබලතම රක්ෂණ සපයන්නා ලෙස ඔප්පුහිමියන් තබා ඇති විශ්වාසය තහවුරු කර ඇත. අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය වත්කම් සම්භාරය රු. බිලියන 274 ක් සහ ජීවිත අරමුදල රු. බිලියන 156.7 ක් දක්වා ඉහළ නංවාගනිමින් සිය ස්ථානය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සමත් වී තිබේ.
මෙමගින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ක්‍රමවත් ආයෝජන කළමනාකරණ ක්‍රියා පටිපාටීන් මනාව පිළිබිඹු වන අතර ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් එහි රක්ෂණ ඔප්පුහිමියන් ට ඉහල ප්රතිලාභ ලබා දීමට දක්වන කැපවීම තවදුරටත් අවධාරණය කරයි. එසේම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ ආයතනයක තබිය යුතු දිගුකාලීන මුල්‍ය ස්ථාවරත්වය සඳහා A(lka) ෆිච් ශ්‍රේණිගත කිරීම එලෙසින්ම පවත්වා ගැනීමට සමත්ව තිබේ. තවද A(lka) ෆිච් ශ්‍රේණිගත කිරීම හිමිකරගෙන ඇති එකම ශ්‍රී ලාංකීය රක්ෂණ ආයතනය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පමණයි.
පාරිභෝගික අවශ්‍යතාවයන් කේන්ද්‍ර කරගත් රක්ෂණ ආයතනයක් ලෙසින් නිරන්තරයෙන් වෙනස්වන තත්ත්වයන් සහ පාරිභෝගික අවශ්‍යතාවන්ට සරිලන පරිදි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය සේවා සහ රක්ෂණ සැලසුම් අඛණ්ඩව නව්‍යකරණය කරන අතර එමඟින් නවීන රක්ෂණ විසඳුම් ලබා දෙන සැලසුම් හඳුන්වාදීම හරහා ප්‍රජාවන් ආරක්ෂා කිරීමට අඛණ්ඩව උත්සාහ කරයි. 'School Fee Protector' යනු එලෙස හඳුන්වා දුන් නව්‍ය රක්ෂණ සැලසුමකි. මෙම සැලසුමේ විශේෂත්වය වන්නේ දෙමාපියන්ගේ අනපේක්ෂිත වියෝවකදී හෝ සදාකාලික පූර්ණ ආබාධිත වූ අවස්ථාවකදී, ඉදිරියට ගෙවීමට ඇති සියලූම පාසල් ගාස්තු ගෙවීමෙන්, පෞද්ගලික හෝ ජාත්‍යන්තර පාසල්වල දරුවන්ට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කිරීමයි. නව සැලසුම් හඳුන්වා දීමට අමතරව පාරිභෝගිකයින්ට විවිධ ප්රතිලාභ ලබාදීමට ද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නිරන්තරයෙන්ම කටයුතු කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස 2022 වසරේදී ජිවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙනුවෙන් 'Life Loyalty Rewards' ක්‍රම වේදයක් හඳුන්වා දුන් අතර ඒ තුලින් ප්රතිලාභ රැසක් පාරිභෝගිකයින්ට භුක්ති විඳීමට හැකි විය. එසේම පසුගිය වසරේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මසකට රු. මිලියන 960 කට ආසන්න ජීවිත රක්ෂණ හිමිකම් ගෙවීම තුලින් පිළිබිඹු වන්නේ තම ඔප්පුහිමියන්ට ලබා දුන් පොරොන්දුව ඉටුකිරීමට නිරතුරුවම කැපවී සිටින ආයතනයක් ලෙසයි.
ආරමිභයේ සිට ජීවිත රක්ෂණයක් ලබාගැනීමෙි වැදගත්කම ශ්‍රී ලාංකීය ජනතාවට අවබෝධ කරදීම සිය අරමුණු අතර ප්රමුඛ ස්ථානයක ලා සලකන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙි වන විටද ශ්‍රී ලංකාවෙි සෑම ප්රදේශයකටම ජීවිත රක්ෂණයේ පණිවිඩය රැගෙන යන මෙහෙවරේ පෙරගමන්කරු ලෙස ක්‍රියා කරයි.
ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්රයේ පරිවර්තනයක් අත්විඳීමට නම් තාක්ෂණය සහ ඩිජිටල් ක්‍රමවේද අනුගමන කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බව මෙරට පුරෝගාමී රක්ෂණ සමාගමක ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි විශ්වාසයයි. නව තාක්ෂණික සහ ඩිජිටල් ක්‍රම වේද තුලින් විවිධ සේවා හඳුන්වා දීම තුලින් පාරිභෝගික පහසුව සලසන අතර විශිෂ්ඨ සේවා අත්දැකීමක් පාරිභෝගිකයින්ට ලබා දීමට නිරතුරුවම කටයුතු කරයි. පසුගිය වසරේ සිට සියලුම බෝනස් සහතික පත් ඩිජිටල් ක්‍රම වේද ඔස්සේ ඔප්පු හිමියන්ට ලබාදීමට කටයුතු කිරීම ඊට කදිම නිදසුනකි. එසේම වර්තමාන අවශ්‍යතාවයන්ට අනුකුල වෙමින් ඔන්ලියින් (Online) ගෙවීම් පහසුකම් සැලසීම, පොළී රහිත පහසු ගෙවීම් ක්‍රම හඳුන්වා දීම සහ ඔන්ලයින් හරහා ජිවිත රක්ෂණ යෝජනාපත්ර භාරදීම ක්‍රියාත්මක කිරීම මේ අතර වේ.
පසුගියදා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ඉහළම ජනාදරයට පත් රක්ෂණ සන්නාමය (Most Loved Insurance Brand) ලෙස අඛණ්ඩව 6 වන වරටත් බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් (Brand Finance) වෙතින් පිදුම් ලැබුවේය. මෙම සම්මානය ලැබීමට මුලික හේතුව නම් මෙරට ජනතාව වෙත අඛණ්ඩව ලබා දී ඇති දායකත්වය, වෙළෙඳපොළ තුළ ශක්තිමත් ලෙස වර්ධනය වීම සහ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන්ට සංවේදී වෙමින් ඒ සඳහා විසඳුම් ලබා දීමට නිරතුරුවම කැප වීමයි.
එසේම බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් (Brand Finance) මගින් ලැයිස්තුගත කරන ශ්‍රී ලංකාවේ වඩාත් වටිනාම සන්නාම (Most Valuable Brands) 100 අතරටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජීවිත සන්නාමය ඇතුලත් වී ඇති අතර ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්රයේ ජිවිත රක්ෂණ අංශයෙන් අනුශුරතාවය ලබා ගැනීමට සමත් වී තිබේ. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජීවිත සන්නාමයේ අගය රු. බිලියන 2.7ක් වන අතර පසුගිය වර්ෂයට වඩා ශ්‍රේණිගත කිරීම් වලින් ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ 34 වන ස්ථානය ලබා ගෙන ඇත. ශ්‍රේණි වර්ධනය හේතුවෙන් බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් (Brand Finance) ප්‍රකාශයට පත් කරන 'Movers and Shakers - The Most Valuable Consumer Brands' ලැයිස්තුවට ද සුදුසුකම් ලැබීමට සමත් විය.
පාරිභෝගිකයා කේන්ද්‍රකරගත් රක්ෂණ ආයතනයක් ලෙසින් නව රක්ෂණ සැලසුමි හා සේවාවන් පාරිභෝ්ගිකයාට ඉදිරිපත් කරමින් සිය මෙහෙයුමි ක්‍රියාවලියේ ඵලදායීතාව වැඩිකරගැනීම සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තවදුරටත් කැපවන අතරම 190 ක් වන සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් සහ 8000 කට අධික රක්ෂණ උපදේශකවරුන් සමගින් විශිෂ්ඨ පාරිභෝගික සේවාවක් සැපයීමට සූදානමින් සිටී.
Video Story