ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමට නව වැඩපිළිවෙලක්

    August, 15, 2023

    ගෝලීය හා කලාපීය වශයෙන් එල්ල වන අභියෝගයන්ට මුහුණ දීමට හැකි වන පරිදි ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීම සහ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කර ගනිමින් නිවැරදි විදේශ ප්‍රතිපත්තියක් තුලනාත්මකව කළමනාකරණය කර ගැනීම පිණිස ක්‍රමෝපායික සන්නිවේදන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.
    ඒ අනුව, ශ්‍රී ලංකාවේ ජාතික අභිලාෂ සහ ජාත්‍යන්තර ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව සන්නිවේදන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.