August, 15, 2023
සංශෝධිත 2023 ජනවාරි මස 01 දිනැති අංක 2312/78 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 2023 අංක 02 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි තවදුරටත් සංශෝධනය කරමින් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව 2023 අගෝස්තු 14 දාතමින් අංක 2345/03 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව රියැදුරු ද ඇතුළුව ආසන 10ක් හෝ ඊට වැඩි මෝටර් වාහන, භාණ්ඩ ප්රවාහණය සඳහා භාවිත කරනු ලබන වාහන, ගිනි නිවන රථ, ආපදා රථ ඇතුළු කාණ්ඩ කිහිපයකට අදාළව පනවා තිබූ ආනයන සීමා ලිහිල් කර තිබේ.
මෙවැනි භාණ්ඩ ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීම පිළිබඳ ආනයන හා අපනයන රෙගුලාසි උල්ලංඝනය කරමින් 2023 අගෝස්තු 13 දින හෝ ඊට පෙර ශ්‍රී ලංකාවේ ඕනෑම වරායකට / ගුවන් තොටුපළකට පැමිණ ඇති; තවමත් ශ්‍රී ලංකා රේගුව වෙත රේගු ප්රකාශනයක් (රේගු ප්‍රවේශ බිලක් / CUSDEC) ඉදිරිපත් කර නොමැති ඕනෑම භාණ්ඩ / භාණ්ඩ තොගයක්, 2006 අංක 01 දරන රජයේ ආදායම් සංරක්ෂණ (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධානවල අවශ්‍යතාවය සඳහා එවැනි භාණ්ඩ / භාණ්ඩ තොගවල මිල, රක්ෂණ සහ ගැල් කුලී (මි.ර.ගැ) වටිනාකමින් 30% ක අමතර ගාස්තුවක් ආනයන හා අපනයන පාලක ජනරාල් වෙත ගෙවීමට යටත්ව ආනයන හා අපනයන පාලක ජනරාල් ලබා දෙන අනුමැතිය මත නිදහස් කිරීමට ශ්‍රී ලංකා රේගු අධ්යක්ෂ ජනරාල්වරයාට බලය පවරා තිබේ.
අදාළ සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.





Video Story