දේශීය ණය ප්‍රශස්ථකරණයේ තවත් කඩඉමක් පසුකරයි

    August, 16, 2023

    දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ සුදුසුකම් ලත් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, ශ්‍රී ලංකා රුපියල් වලින් නාමනය කරන ලද නව භාණ්ඩාගාර බැඳුම්කර පහක් (5) මඟින් පියවීම

    මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් 2023 ජුලි 04 වන දින ප්‍රකාශයට පත් කරන ලද, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සඳහා වන හුවමාරු යෝජනාව සහ ඉන් අනතුරුව නිවේදනය කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සඳහා වන හුවමාරු ආරාධනයෙහි ප්‍රතිඵලවලට අනුව, (හුවමාරු යෝජනාවේ අර්ථ දක්වා ඇති පරිදි) හුවමාරුව සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (සුදුසුකම් ලත් බැඳුම්කර), නව විචල්‍ය කූපන් අනුපාතික යටතේ (නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය* +1.00%) පහත දැක්වෙන පරිදි ශ්‍රී ලංකා රුපියල් වලින් නාමනය කරන ලද නව භාණ්ඩාගාර බැඳුම්කර පහක් (5) ලෙස පරිවර්තනය කර, 2023.08.15 දින පියවීම් සිදු කරන ලදී.

    සු.හ.ජා. අංකය**
    LKJ00225G157
    LKJ00427G159
    LKJ00629G150
    LKJ00831G152
    LKJ01033G154
    කාණ්ඩය
    1.00% 2025‘A’ 1.00% 2027‘A’ 1.00% 2029‘A’ 1.00% 2031‘A’ 1.00% 2033‘A’
    නිකුතුවේ දිනය
    2023 ජුලි 15 2023 ජුලි 15 2023 ජුලි 15 2023 ජුලි 15 2023 ජුලි 15
    කල්පිරෙන දිනය
    2025 ජුලි 15 2027 ජුලි 15 2029 ජුලි 15 2031 ජුලි 15 2033 ජුලි 15
    වෙන් කළ මුදල (රුපියල් මිලියන)
    50, 444.3 50, 444.3 50, 444.3 50, 444.3 50, 444.3

    ශ්‍රී ලංකා රුපියල් වලින් නාමනය කරන ලද ඉහත නව භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් කූපන්  පොලී අනුපාතික ගණනය කිරීමේදී නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය යනුවෙන් අදහස් කරනුයේ, අදාළ පොලී ගෙවීමේ දිනයට දින 30කට පෙර මාස 6ක කාලයක පැවති, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නිත්‍ය ණය පහසුකම් අනුපාතිකයෙහි සාමාන්‍ය අගයයි. (ගණනය කිරීමේ දිනය ව්‍යාපාරික දිනයක් නොවේ නම්, එළඹෙන මීළඟ ව්‍යාපාරික දිනය ගණනය කිරීම් සඳහා සැලකිල්ලට ගත යුතුය)

    සුරැකුම්පත් හඳුනා ගැනීමේ ජාත්‍යන්තර අංකය