ගෑස් ප්‍රවාහන නැවක් ගැනීමට ලාෆ්ස් ට බිලියනයක් ලැබෙයි

    March, 1, 2016

    ලාෆ්ස් ගෑස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන ලාෆ්ස් මැරිටයිම් සර්විසස් (පුද්) සමාගම වෙත ඇමරිකානු ඩොලර් මිලියන 8 ක ණය පහසුකමක් අද (01) දිනයේ දී ලැබී තිබේ. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 1.169 කි.

    හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකු සමාගම විසින් මෙම ණය පහසුකම සලසා ඇත.

    ද්‍රැවීය පෙට්‍රොලියම් ගෑස් ප්‍රවාහන නෞකාවක් මිල දී ගැනීම සඳහා සමාගම විසින් මෙම ණය පහසුකම ලබා ගෙන තිබේ.