March, 2, 2016
කොළඹ කොටස් වෙළෙඳපොළට ඇමරිකානු ඩොලර්වලින් නම් කරන ලද ගනුදෙනු පුවරුවක් ළඟදීම හඳුන්වා දෙන බව කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති වජිර කුලතිලක මහතා පැවසීය. අද දෙරණ Biz වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් කොටස් වෙළඳපොළ සභාපතිවරයා කියා සිටියේ මේ වන විට මාලදිවයිනේ සමාගම් කිහිපයක් මෙම පුවරුවේ ලැයිස්තුගත කිරීම සඳහා සූදානමින් පසුවන බවයි.
දේශීය විනිමය අවප්‍රමාණය වීමේ අවදානම ගැනීමට ඔවුන් සූදානම් නොවන හෙයින් ඩොලර්වලින් ලැයිස්තුගත පුවරුවක් සඳහා ඔවුන්ගේ කැමැත්ත පළ වී ඇති බව කුලතිලක මහතා කියා සිටියේය. මීට අමතරව කොළඹ කොටස් වෙළෙඳපොළ හා සම්බන්ධ වීමට බංග්ලාදේශයෙන් ද විමසීම් කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් මෙහිදී පැවසීය.
Video Story