August, 22, 2023
2023 ජනවාරි සිට ජූනි දක්වා වසෙර් පළමු භාගය තුළ දී රජයේ සමස්ත ආදායම රු. බිලියන 1,317.05 ක් බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි. එය 2022 පළමු භාගය තුළ දී වාර්තා වූයේ රු. බිලියන 919.47 ක් ලෙසිනි.
මෙහිදී 2023 මුල් මාස 06 තුළ දී රජයේ බදු ආදායම රු. බිලියන 798.80 සිට රු. බිලියන 1,198.85 ක් දක්වා වැඩි වී ඇති අතර, බදු නොවන ආදායම රු. බිලියන 119.70 සිට රු. බිලියන 116.03 ක් දක්වා සුළු වශයෙන් පහත බැස ඇත. එසේම රු. බිලියන 2.17 ක ප්රදාන ප්රමාණයක් ද 2023 මුල් මාස 06 තුළ ලැබී ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Video Story