August, 23, 2023
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අද (23) දින රැස්වීමට නියමිත බව වාර්තා වේ.
එහිදී මහ බැංකුවේ ප්රත්පත්ති පොලී අනුපාතික සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත අතර එම තීරණය හෙට (24) උදෑසන නිවේදනය කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
මෙය 2023 වසරේ අංක 06 දරන මුදල් ප්‍රතිපත්ති විවරණයයි.
මීට පෙර 2023 ජූලි 05 වැනි දින රැස් වූ අවස්ථාවේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික වාර්තාගත ලෙස පහත දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබුණි. එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 11.00 සහ සියයට 12.00 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට තීරණය කෙරුණි.
මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2023 අගෝස්තු 08 දින පැවති රැස්වීමේ දී, බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලුම රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2023 අගෝස්තු මස 16 වන දින ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාලපරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 4.00 සිට සියයට 2.00 ක් දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට තීරණය කරනු ලැබීය.
Video Story