පොලී අඩු කරන්න මහ බැංකුවෙන් චක්‍රලේඛයක් හෙට

    August, 24, 2023

    ප්‍රතිපත්ති පොලී අනුපාතයන්ට ගැළපෙන ආකාරයෙන් සෙසු පොලී අනුපාතිකයන් ද සාමාන්‍යකරණය කිරීම සඳහා හෙට (25) දිනයේ දී චක්‍රලේඛයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (24) දින පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    මේ අතර සියලුම බලපත්‍රලාභී බැංකුවල උකස් පහසුකම් මත වාර්ෂිකව සියයට 18ක්, පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා මත වාර්ෂිකව සියයට 23ක්, ණය කාඩ්පත් මත වාර්ෂිකව සියයට 28ක් ලෙස උපරිම පොලී අනුපාතික සීමා පැනවීමට මුදල් මණ්ඩලය තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (24) දින දැනුම් දෙන ලදී.

    තවද දඩ පොලී අනුපාතික, අදාළ ණය පහසුකම සඳහා අය කරනු ලබන සාමාන්‍ය පොලී අනුපාතික, අදාළ ණය පහසුකම සඳහා අය කරනු ලබන සාමාන්‍ය පොලී අනුපාතිකයට වඩා ප්‍රතිශතාංක 2ක උපරිමයක් විය යුතු බව මුදල් මණ්ඩලයේ අදහස වී තිබේ.