August, 29, 2023
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන වීසා ක්‍රමවේදය සරල කිරීම
1948 අංක 20 දරන ආගමික හා විගමික පනත සහ ඒ යටතේ නිකුත් කරනු ලැබ ඇති රෙගුලාසීන්ට අනුකූලව මෙරටට පැමිණෙන විදේශිකයන්හට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් පැමිණීමේ වීසා, වාස වීසා සහ මාර්ගස්ථ වීසා වශයෙන් වීසා වර්ග තුනක් නිකුත් කරනු ලබයි.
පැමිණීමේ වීසා සහ වාස වීසා යන වීසා වර්ග දෙක යටතේ නිකුත් කරනු ලබන වීසා කාණ්ඩයන්ගේ පවතින සංකීර්ණතා සැලකිල්ලට ගෙන, වැඩි විදේශීය ආකර්ෂණයන් පවතින රටවල ක්‍රියාත්මක කරනු ලබන වීසා ක්‍රමවේදයන් සලකා බලා මෙරට ක්‍රියාත්මක වන වීසා ක්‍රමවේදය නැවත සමාලෝචනය කිරීමට කටයුතු කරනු ලැබ ඇත.
ඒ අනුව, වර්තමානයේ ක්‍රියාත්මක වන වීසා ක්‍රමවේදයන් වඩාත් සරල කිරීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story