August, 31, 2023
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ජූලි මාසයේ වාර්තා වූ සියයට 6.3 හි සිට 2023 අගෝස්තු මාසයේ දී සියයට 4 ක් දක්වා පහළ ගොස් තිබේ.
එහිදී ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 ජූලි මාසයේ පැවති සියයට -1.4 හි සිට 2023 අගෝස්තු මාසයේ දී සියයට -4.8 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 ජූලි මාසයේ පැවති සියයට 10.5 හි සිට 2023 අගෝස්තු මාසයේ දී සියයට 8.7 ක් දක්වා පහළ ගොස් ඇත.
Video Story